සඳට බැළුම් හෙලූ අය

May 12, 2018

ඇස් කතා කරනවා !








ඇත්තටම කවුද ඔය ඇස් දෙකේ
මනමාල පාට ඔය තරමටම
තැවරුවේ...

මගේ සිල් බිඳින්නට නුඹේ ඔය
ඇස් දෙකට කියාපන් කවුරුන්ද
පැවරුවේ ....

14 comments:

  1. සත්තරන් ඇස්...හෙන සෙක්සි...👍

    ReplyDelete
    Replies
    1. හි හී සත්තලන්ගේ වශී උනේ ඇස් වලට නොවේය....ඒ නිසා මේ ඒ ඇස් ගැන නොවේය

      Delete
    2. හුටාය....සොරිය...😂

      Delete
  2. දිස් නෙ දිළිහී තිබු නිසයි ඔය හැඩවැඩට මා මත්වුනේ
    රස් නයක් දැණුනේම නැහැ නොවැ නුඹ තුරුළ සීතල වුනේ
    ඇස් දෙකම පින් කෙරු නිසයි මේ භවයෙ ඔය හිත හිමිවුනේ
    ගැස් සෙනා නුඹෙ රූපෙටයි මනමාල පැහැ මගෙ ඇතිවුනේ ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හා... එහෙමලුද..... හොදා හොදා ..... හිහිහී

      Delete
  3. හම්මේ..... ලස්සන...... මං කිව්වෙ ඇස් දෙක...


    කවිත් ඒ වාගෙම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.... ස්තූතියි අනේ

      Delete

  4. "මුව නොකීවද ඇස් දෙකේ නුබේ
    ආදරේ තැවරී තියේ".
    "නුබේ ඇස් දෙක දකින හැම විට
    අමතකයි මට මගේ සෙනේ".
    එදා මතකද කිව හැටි නුබ
    තාම මතකයි මගේ ප්‍රියේ.
    ඒත් නුබ මට අයිති නැති බව
    මතක් කර දෙයි මගේ සිතේ.

    ReplyDelete
  5. ඇස් දෙකකට පුළුවන් නම් ........
    සිල් බිදලන්න .

    **********

    මේ ...... සිල් බිදගන්න කථා නම් කියන්න එපා හරිද .. හේ හේ හේ . (විහිළුවක්)

    ReplyDelete
    Replies
    1. මොකෝ බැරි.... ඇස් තමා සිල් බිඳින්නෙම.... නෑ නෑ කෝම උනත් බිඳගන්නෙ නැතුව පරිස්සම් කරගන්න එකනෙ වටින්නේ ... හි හී

      Delete
    2. හි හී ඒක තමයි

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...