සඳට බැළුම් හෙලූ අය
Jul 21, 2016
ආදරේ කියන්නෙම !
ජීවිතේ ඉස්සරම දවස්වල
ඔබ ඇවිත් හිතේ නැවතිච්චහම
මං හිතුවෙ ආදරේ කියන්නෙම
රතුපාට රෝස මල් සුවඳකට
ආදරේ මල් පිපුණු උයනක
සමනල්ලු හිතේ දඟ කරනකොට
මං හිතුවෙ ආදරේ කියන්නෙම
ආ...න් ඒ වගේ නිදහසකට
රිදුනහම හිත පුංචි දේකට
හිරවෙද්දි පපුවෙ හරි මැද්දම
මං හිතුවෙ ආදරේ කියන්නෙම
මගෙ හුස්මෙ නුඹ ඉන්න එකටම
වෙරළ ඉම උයන් කොන තනියම
තනිවෙලා රෝස තොල් ඉඹිනකොට
මං හිතුවෙ ආදරේ කියන්නෙම
මේ...න් මේ වගේ හිරිවැටුමකට
ඉතින් ඊටත් එහා දුරකට
මං අරන් ඔයා ඉගිළෙනකොට
නුඹ කිව්වෙ ආදරේ කියන්නෙම
මගේ හැමදේම නුඹෙ වෙන එක
බැඳෙන්නට කලින් හිත් ලිහුනම
රෝස කටුවක් කුසේ ඇණුනම
මට දැනුන ආදරේ කියන්නෙම
සෙල්ලමක් නුඹ කිව්ව ලෙසටම
Jul 12, 2016
තාම සුවඳයි ඒ මතක !
අදත් ඉඳහිට හවස්වරු වල
ඇවිද යනකොට පුරුදු මඟතොට
මතක තියෙනව අපට අමතක
වෙලා තැන තැන ලිහී විසුරුණ
සියක් දහසක් උකුසු ඇසඟින්
ඉඳුල් වන්නට නොදී ප්‍රේමය
එදා අප හමුවෙලා රහසින්
ඇවිද ගියෙ මේ වෙරළ පාරින්
ලැවීනියා හෝටලය පාමුල
බිඳී විසිරෙන රළක් ගානෙම
දැනන් උන්නා එදා අපෙ පෙම
වැටුණු උණු උණු කඳුළු ගානට
ආදරේ ලේ පාට හාදුව
මෙන්න මෙතනදි එදා ඔබ දුන්
තාම තෙත සළකුණක් වාගෙයි
සත්තමයි ගෙල මුල රිදුම් දෙන
කරදියට මුහු වෙච්ච හුළඟේ
ඇවිත් විසිරුව කෙස් කැරැල්ලක
අදත් තිබුනා එදා ඔබ දුන්
හාදුවක ආදරේ ලුණු රස
අහස් ගඟ කෙළවරින් මුහුදට
කඩං වැටුනා ඉරේ රැස් කඳ
එදා වාගෙම අදත් දැනුනා
වෙන්ව යන්නට නිමේශය වග
අදත් හිමිහිට ඇවිද යනකොට
වෙරළ තීරයෙ මතක මං පෙත
හොරෙන් නැවතී බලනවා අපෙ
ආදරේ රස රහස් සැඟවුන
ඉඳුල් වන්නට නොදී ප්‍රේමය
එදා අප හමුවෙලා රහසින්
ඇවිද ගියෙ මේ වෙරළ පාරින්
ලැවීනියා හෝටලය පාමුල
බිඳී විසිරෙන රළක් ගානෙම
දැනන් උන්නා එදා අපෙ පෙම
වැටුණු උණු උණු කඳුළු ගානට
ආදරේ ලේ පාට හාදුව
මෙන්න මෙතනදි එදා ඔබ දුන්
තාම තෙත සළකුණක් වාගෙයි
සත්තමයි ගෙල මුල රිදුම් දෙන
කරදියට මුහු වෙච්ච හුළඟේ
ඇවිත් විසිරුව කෙස් කැරැල්ලක
අදත් තිබුනා එදා ඔබ දුන්
හාදුවක ආදරේ ලුණු රස
අහස් ගඟ කෙළවරින් මුහුදට
කඩං වැටුනා ඉරේ රැස් කඳ
එදා වාගෙම අදත් දැනුනා
වෙන්ව යන්නට නිමේශය වග
අදත් හිමිහිට ඇවිද යනකොට
වෙරළ තීරයෙ මතක මං පෙත
හොරෙන් නැවතී බලනවා අපෙ
ආදරේ රස රහස් සැඟවුන
Jul 10, 2016
සතුටක සිහිවටන....
මේ තමයි වඩාත්ම සතුටු වෙච්ච දවසක සිහිවටනය.පහුගියදාක තිබුන ලංකා පත්තරෙන් කරපු කවි මුතු මිණි තරඟයේ 4 වන සහ 5 වන ස්ථාන දෙකම මගේ නිර්මාණ දෙකකට ලැබිලා තිබුනා.මේ තියෙන්නෙ ඒ නිර්මාණ දෙක.
Jul 2, 2016
රාධා ක්‍රිශ්ණා !
යමුනා ඟංතෙර ලා දම් පාටයි
මේ හැන්දෑවම පෙම්බර පාටයි
සඳ ඉහිරෙනකොට නිල් දිය තල මත
ඉහිලුම් නෑ රාධා....
වෘන්දා වනයම සීතල යහනයි
හිමාලයේ හිම උණුහුම සාදයි
වස්ඳඩු රාවය සවන් වැකෙනකොට
ඉහිලුම් නෑ ක්‍රිශ්ණා.....
හෝපලු තුරු මැද පෙම් රජ දහනයි
පිච්ච මලින් කල මංගල යහනයි
සැතපෙන්න ඉතින් රාධා....
මේ සඳ තරු හා හොරෙන් බලාවී
අපෙ සෙනෙහස මුලු ලොවට කියාවී
ඉවසන්න ටිකක් ක්‍රිශ්ණා...
ඔය රුව ළඟ තුන් හිතම පිපාසයි
ලවනත මධු මී සිඹින්න ආසයි
නිල් දිය මත තව රඟන්න රාධා....
වස්ඳඩු රාවේ හරි ශෘංගාරයි
මිනිමෙවුලට දැන් ඉවසුම් නෑමයි
උකුල් තලාවට වඩින්න ක්‍රිශ්ණා....
Subscribe to:
Posts (Atom)
ඒකපාර්ශික !
සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ආදරේට වයසක් නෑ... ආදරේට ඇස් නෑ...ආදරේට වෙලාවක් කලාවක් නෑ... කොටින්ම ආදරේට ජාතියක් ජන්මයක් නෑ...එහෙම හිතන අය මේක කියවන්න. එහෙම නොහිතන අ...