සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Aug 20, 2012

ඒ ඔබය ඔබමය - 1






වායුසමනය කල කාමරය පුරා ඕනෑවටත් වැඩි සීතළක් තිබුනද මා දහදියෙන් තෙත්වී සිටියෙමි.මුහුණ පුරා නැගි දා බිඳු ලේන්සුවෙන් පිස දමමින් මම සකුණි අක්කා දෙස බැලීමි.ඇය මගේ අතක් මුඳුව මිරිකා සංසුන් වෙන ලෙස කීවේ ඇස් වලිනි.ඉහලට ගත් හුස්ම පහලට නොදමාම මම දරා සිටියෙමි.මේසය මත වූ වෛද්‍ය වාර්තාවට මුහුණ ඔබා හුන් වෛද්‍යවරයා හිස එසවූයේ සිනා මුසු මුහුණෙනි.

මගේ සුභ පැතුම් ..... ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ....

මැදිවියේ වෛද්‍යවරයාගේ වදනින් ම'හිත කීරි ගැසුණි.මුළු ලොවම මා වට කොට කැරකැවෙන්නා සේ මට දැනේ.මහා හඬින් හඬන්නද නැතිනම් කෑ ගසා හිනා වෙන්නද කියා නිනව් නැතුව මම ඇස් පියාගෙන හැගීම් තද කර ගෙන උන්නෙමි.

ඇයි දුව ? මෙච්චර සතුටුදායක ආරංචියක් අහල හිනා වෙන්න ඕන වෙලාවේ මේ බය වෙලා වගේ ? මේක අහන්න යාලුවෙක් එක්ක නෙවෙයි මහත්තයත් එක්කනෙ එන්න තිබුනෙ ......

ඔහු එසේ පැවසුවේ මගේ මුහුණෙන් කිසිම හැගීමක් පල නොවූ නිසා වෙන්නට ඇත.පිට වෙන්නට ආ ඉකිය වැර වෑයමෙන් හිරකර ගන්න හදනව දුටු සකුණි අක්කා පුටු ඇන්ද මත තිබූ මගේ අතක් තරකොට අල්ලා ගත්තාය.

ඇ‍ය මොන මොනවාදෝ වෛද්‍යවරයාට පවසන හඬ ඈත ලෝකෙකින් වගේ මට ඇසේ.වහා මෙතනින් පිට වීමේ තද බල අවශ්‍යතාවයක් මට දැනෙන්නට විය.

i'm very sorry මට හරිම කණඟාටුයි මේ දරුවා ගැන... ඒත් doctor කෙනෙක් හැටියට මම මේ වෙලාවේ දෙන එකම අවවාදය හිත ශක්තිමත් කරගෙන ජීවිතයට මුහුණ දෙන්න.... ඔයිට වැඩිය දෙවල් මිනිස්සුන්ට වෙනවා දරුවෝ....

තවත් ඒ කතා අසා මෙතැන රැදී සිටින්නට මට පුලුවන් කමක් නැත.දෑතින්ම මුහුණ වසාගෙන මම පිටතට දුව ආවේ මහ හඬින් ඉකිබිඳිමිනි.

දැහැමි... නංගී.... කලබල කරන්න එපා කෙල්ලේ.... මේක ඔලුවෙන් වැඩ කරන්න ඕන වෙලාවක්...

මට කෑ ගහල අඬන්න ඕනෙ සකු අක්කා.... මීටත් වැඩිය මොනාද මිනිස්සුන්ට වෙන්න තියෙන්නෙ ? මට මේ මුලු ලෝකෙටම සාප කරන්න ඕනෙ... මාව මේ තැනට ඇදල දාපු අප්පච්චිට මම කවදාවත් සමාවක් දෙන්නෙ නෑ... හැමදාම එයා විඳවන්න ඕනෙ.... ඔයාට තේරෙනවද මට දැනෙන දෙවල්.... කියන්න සකූ අක්කා.... ඔයාට තේරෙනවද...

මම පිස්සියක් සේ කෑ ගසමින් සකුණි අක්කාගේ දෙවුරෙන් අල්ලා සෙලවූයෙමි.

කෙල්ලේ මේ ම්හ පාර... මිනිස්සුත් බලනවා... හරි අපි අඬමු... යමු වාහනේට ගිහින් ඇති වෙනකං අඬමු...

ඇය මා වත්තන් කරගෙනම මෝටර් රථයට ගොඩවිය. විනාඩි දහයක් පහළොවක් නොව මම පැයකටත් වඩා සකුණි අක්කාගේ උකුළමතට වී සිත් සේ හැඬීමි.

දැහැමි... නංගී මේ බලන්න .. දැන් ඇති කෙල්ලේ... දුකයි තමයි ඇඬෙනවත් තමයි.. මං අඬන්න එපා කිව්වොත් ඒක අසාදාරණයි... ඒත් දැන හිතූ හිතූ වෙලාවට ඔයාට අඬන්න බෑ... ඒක දැන තවත් කෙනෙක්ට බලපානවා කියන එක අමතක කරන්න එපා...

මගේ හිස පිරිමදිමින් සකුණි අක්කා කී දේ තේරුම් යන්නට මට තවත් විනාඩියක් දෙකක් ගත විණි.මා සැනෙන් හිස ඔසවා කඳුළු පිසදාගතිමි.ඇය කියන්නේ සැබෑවකි . මට දැන් රකින්නට දෙයක් වේ.බලාපොරොත්තු තබා ගන්නට දෙයක් වේ.හඬනවාට වඩා මට දැන් හිතන්නට කරන්නට , තීරණ ගන්නට බොහෝ දෑ ඇත.සකුණි අක්කාගේ උකුළෙන් මෑත්ව මා අසුනේ පිටුපසට හේත්තු වුනෙමි.ඇය මඳක් ඉදිරියට රිය පණ ගන්වා ගෙන ගොස් නිස්කලංක තැනක නවතා මවෙතට හැරුණි.

නංගී ... දැන් ඔයා මොනාද කරන්න හිතන් ඉන්නේ....?

තාම මට මුකුත් හිතා ගන්න බෑ අක්කා..... මම දන්නේ මම නොමැරී ජීවත් වෙන්න ඕනෙ කියන එක විතරයි..අද උදේ Docter ගාවට යනකනුත් මගේ හිතේ තුබුණ එකම දේ කවදා කොයි වෙලේද මේ ජීවිතෙන් පැනලා යන්නේ කියන එක..කොයි මොහොතෙද මට ඒකට හොදම අවස්ථාව ලැබෙන්නේ කියලා බල බල හිටපු එක තමා මම පහුගිය මාසෙම කලේ...ඒත් දැන මට මැරෙන්න බෑ සකූ අක්කා...මං ජීවත් වෙන්න ඕනෙ...දැන මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා....

ඔයාගේ තීරණේ ඒකනම් ඒ දේට මම මට පුලුවන් හැමදේකින්ම ශක්තියක් වෙනව...ඔයා දන්නවනේ නංගී මං ගැන ... මේ සකූ අක්කා ඕන වෙලාවක ඔයාගේ පැත්තෙ..ඒත් මේක අපි හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි දැහැමි නංගී... මේ බඩ ගෙඩිය ඇතුලෙ පැටියෙක් ඉන්නව කියල ඔයාගෙ අප්පච්චි දැන ගත්ත දවසට මොනවායින් මොනවා වෙලා නවතීද දන්නෙ නෑ...

දන්නව අක්කා.... එයා මාව මරලා හංගන්නත් දෙපාරක් හිතන එකක් නෑ...

ඔව් .. උඹේ මේ බංඩිගෙඩිය එලියට නොපෙනෙන කාලෙ වෙනකං විතරයි උඹට ඒ වලව්වේ බත් කන්න වෙන්නෙ...

මගේ උදරය මත දෑතම තබා සකුණි අක්කා එසේ කීවේ මහා දුකකිනි.

ලංකාවේ නෙවෙයි සකුණි අක්කා මේ තුන් ලෝකේ කොහාට ගිහින් හරි මං මේ මලට පිපෙන්න ඉඩ හදල දෙනව....මේ අපි දෙන්නම එකතු වෙලා දැකපු හීනයක්...මං ඒ හීනේ සැබෑ කරනවාමයි....දැනට මම දන්නෙ එච්චරයි...ඒකට මට මේ පැටියගෙ තාත්ත පාරක් පෙන්න්ලා දේවි සකූ අක්කා...ඒක මට විශ්වාසයි...

සකුණි අක්කා ඒ ඇස් මුලට ඉනු කඳුළු නොසගවාම මදෙස බැලුවේ අපිරිමිත දයාවකිනි. උඹ පව් කෙල්ලේ.... මගේ සුරත මිරිකා ඈ හිමිහිට කීයේය.

සකූ අක්කා... මට එයාව බලන්න යන්න ඕනේ... මේ සුභ ආරංචිය මං එයා එක්ක බෙදා ගන්න ඕනෙ....

ලද අවසරයෙන් මා ඇයට යෝජනා කලේ මෙවන් මොහොතක් ආයෙ කවදා උදා වේදැයි මට හිතා ගන්නවත් බැරි නිසාමය.

යටි තොල සපාගෙන මොහොතක් කල්පනා කල ඈ යමුයි කියා රථය පණගැන්වීය.

ඔයා එපා... මං විතරයි.... මට එයා එක්ක ටික වෙලාවක් තනි වෙන්න ඕනෙ....Please.... සකූ අක්කා....

මා ඇගේ දෙතම අල්ලාගෙන බැගෑපත් වීමි.

කෙල්ලෙ... මේ නුවර නෙවෙයි.... උඹේ හතුරො සේරම ඉන්නෙ මේ අවට... උන් උඹ ගැන ඇහැ ගහගෙන ඉන්නෙ...දන්නවනෙ.... බාප්පට නොවදිනා වැඳුම් වැඳල ඔයාව ඒ කූඩුවෙන් එළියට ගත්තෙ... ඔයාව ආපහු වලව්වට බාර දෙනකං මම උඹ ගැන වගකියන්න ඕනෙ .....

සකුණි අක්කා කියන දේ මොන තරම් ඇත්තක් වුවද කොලඹ විත් ඔහු නොදැක යන්නට මට හිත හදාගන්නට නොහැකිය.කොළඹ විත් සකුනි අක්කා හා මා මෙසේ තනිපංගලමේ රවුම් ගසනවා කියා අප්පච්චී දැන ගත්තොත් සකුණි අක්කලා ආයෙත් වලව්වේ පස් පාගනවා බොරුය.

සකුණි අක්කා මගේ මවගේ එකම සහෝදරියගේ දියණියයි.මට වඩා වසරක් කලින් ඉපදුන ඈත් මාත් අතර කුඩා කල සිටම ළෙංගතු බැඳීමක් වේ.කන්ද උඩරටටම සීමා වූ අප්පච්චිගේත් අම්මාගේත් නෑ සනුහරන්ම නුවර ඇතැර කොළඹ ආ එකම ඥාතියා ලොකු අම්මාය.ඊයේ නුවර ආ ඔවුන් වදෙන් පොරෙන් මා කොළඹ රැගෙන ආවේ නොකා නොබී වලව්වේ කාමරයක වැතිර මා හඬා වැටෙනවා බලා ඉන්නට බැරිම තැනය.දැන් දැන් කොළඹට හැඩ ගැසී ඉන්න ලොකු අම්මා ලොකු තාත්තා හෝ සකුණි අක්කා ළඟ සාම්ප්‍රදායික වලව් මාන්නය නැත.කොහොමත් අප්පච්චී සමඟ ලොකු අම්මාගේ ඒ හැටි ඇයි හොදයියක්ද නැත.එ නිසාමදෝ මගේ ප්‍රශ්නයේදී වචනෙකින් හෝ මට පිහිටක් වන්නට හිටියේ සකුණි අක්කලාගේ පවුල පමණි.ඊයේ හැන්දෑවේ ඔවුන් හා කොළඹ ගෙදරට ආ මා අද උදෑසන නාන කාමරයේ වැටී වමනය කරනවා දුටු සකුණි අක්කා වහා මා වෛද්‍යවරයෙකු ළඟට රැගෙන ආවේය.

ඇස් පියාගෙන සිතුවිල්ලේම උන් මට අප බොරැල්ලට එනවා දැනුනේවත් නැත.මා කවුලුවෙන් අවට බලද්දී සකුණි අක්කා බොරැල්ල " බානි රේමන් " එක ලඟ අයිනට කර රිය නැවැත්වීය.

Ok මම එහෙනම් YMB එකේ ඉන්නවා... මම පැ‍ය භගයක් දෙන්නම් ඔයාට...ඉවර වෙලා මට Ring Cut එකක් දෙන්න හොදේ මම එන්නම්...

Thanks අක්කා .... ඔයා හරී හොදයි....මා ඇගේ කම්බුලක් ආදරෙන් සිප වාහනෙන් බැස ගතිමි.

පරිස්සමින් හොදේ නංගියා....

හරි අක්කා.... බය වෙන්න එපා මම ඉක්මනට එනවා.....

මා ඇයට අත වනා යන්නටැයි කීමි.

බානි රේමන් එකෙන්ම රතු රෝස මල් කිහිපයක් මිලදී ගෙන මම පාර පැන බොරැල්ල කනත්තේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් වීමි.මගේ රත්තරං විශ්ව..... ඔබ මා හැර සදහටම මේ පොළවේ පස් අතර සැගවී ගිය දාට පසු මා මේ ඔබ බලන්නට නැවත ඉඩක් හදා ගත්තාමය.සුසාන භූමිය පුරා ඇත්තේ පහදා කිව නොහැකි පාලු මූසල නිහැඩියාවකි. සොහොන් කොත් සිසාරා හමන සුළඟේ පවා මහා දුකක් ගැබ් වී ඇති සෙයකි.ඒ සුළඟ විටෙක අදෝනාවක් මෙනි.හරියට මේ හිත් පිත් නැති ගල් කණු යට මිහිදන් වුන සිය දහස් ආත්මයන් වල නිහඬ විලාපයන් මෙනි.සිය දහස් ගණන් සොහොන් කොත් පසුකරගෙන මම ඔබ නිදන තැන හරියටම සොයා ගතිමි.අනේ ... ඔබ සුව නින්දකය.... ළය මඬළ හිරි වැටී ඇස් ගිනියම් වෙද්දි මම දරා ගතිමි.ඒ හඬනවාට වඩා මේ ලැබුන අවස්ථාවේ ඔබ එක්ක දෙඩීමට මට බොහෝ දේ ඇති නිසාය.සීතළ සොහොන් කොතේ ඇති ඔබේ චායාරූපය දෙසම මම බලා සිටිමි.ඒ ඇස් මා සමඟ කතා කරනවාක් මෙනි.හිස පැත්තකට ඇල කර පාන අමුතුම හිනාව දැන් මෙතැන ඉන්නාක් මෙන් සජීවීය.අනේ.... මම කොහොම නඬා ඉන්නද.... ගෙන රතු රෝසමල් මිට ඔබ පාමුල තබා මම මහා හඬින් හඬා වැටුනෙමි.

දන්නවද රත්තරං ... අපේ හීන හැබෑ වෙලා... ඔව් ඔයා තාත්තෙක් වෙන්න යන්නේ... ඉක්මනටම ඔයා ළඟට එන්න හිටපු මට දැන් නවතින්න වෙලා ... මං දන්නව ඒක තමා ඔයාගේත් බලාපොරොත්තුව... මං අපේ පැටියව ජීවත් කරවනව රත්තරං.... කියන්න ලේ කැටියෙක් වෙලා මගේ බඩේ ඉන්නෙ ඔයා නේද...? මට එහෙම දැනෙනවා.. මේ ඔයාම තමයි.... මේක අපේ අප්පච්චි විතරක් නෙවෙයි ඔයාගේ අප්පා දැන ගත්තත් මට වෙන්නෙ මැරුම් කන්න මහත්තයො... දැනටත් ඔයාගේ අප්පගෙ මිනිස්සු මගේ පස්සෙ පන්නනව... අනේ රත්තරං... මටයි අපේ පැටියටයි හුස්ම ගන්න විදියක් ඇවිත් පෙන්නල යන්න...

සොහොන් කොත පාමුල වැඳ වැටී මා තව මොන මොනවා කීවාදැයි මටම නිනව් නැත.එක පාර හමා ආ සීතළ සුළඟක මහා හුරු පුරුදු සුවඳක් දැනී මම ඇස් ඇර වට පිට බැලුවෙමි.ඒ සුළඟට මුසුව හමා ආවේ පෙරදා මා බෙහෙවින්ම ප්‍රිය කල ඔබේ ලඟින් ආ විළවුන් සුවඳය.එය සැබෑවටම සිදු වූ දෙයක්ද නැත්නම් මගේ මනසට දැනුන දෙයක්දැයි පැහැදිලි නැති මුත් මම එය අදහන්නට වීමි.ඉතින් මා විශ්වාස කරමි...ඔබේ ආත්මය මේ මොහොතේ මා වටා සරණවායැයි මා ඉඳුරාම අදහමි.

මයෙ අම්මා..... මං ගියාට ආයෙ එනවා.... සත්තයි තනි කරන්නෙ නෑ ඔයාව....

මියෙන්නට පෙර ඒ ඔබේ අවසන් වචන කීපයයි.ඉතින් ඔබේ බැල්ම මට ඇතැයි සිතන්නට ඒ වචන ටිකම ඇත.

මේ අහන්න රත්තරං .. ආයේ කවදා ඔයාව බලන්න එන්න වෙයිද මම දන්නෙ නෑ... මගේ ඉස්සරහ ජීවිතේ ගොඩාක් අමාරු වෙයි... පැටියටයි මටයි ගොඩාක් දුක් විඳින්න වෙයි... ඒත් මම පොරොන්දු වෙනව මොන දුක විඳල හරි අපේ පැටියව මේ ලෝකෙට ගේනවා කියල....මගේ ලඟින් ඉන්න... මාව වැටෙන වෙලාවට නැගිට්ටවන්න... ඔයා මගේ ළඟ කියල හැම තිස්සෙම මට දැනෙන්න අරින්න... මට ඒ ඇති මගෙ මහත්තයො....මට ගොඩාක් වෙලාව නෑ ඔයා ළඟ ඉන්න... මම දැන් යන්න ඕනෙ... අර ඉස්සර වගේම මං යන හදනකොට මගේ ඔලුව අත ගාලා පරිස්සමින් ගිහින් එන්න මයෙ අම්මා ... කියල මට කියන්න....

අපි අපේම වූ දා ඒ සුදු දෙපා සිපගත්තාක් මෙන්ම බැතියෙන් සීතළ සොහොන් කොත පාමුළ වැතිර මම වැඳ වැටුනෙමි.

එසේ වැඳ වැටීත් තවත් ටිකක් වෙලා එතන රැදී සිට මා සුසාන භූමියෙන් පිටත් වීමි. හඬා දොඩා හෙම්බත්ව උන් මට මහා වෙහෙසක් දැනුණි.ගතට මොන තරම් කෙඩෙත්තුවක් දැනුනද හිතට යම් තරමක සහනයක් දැනේ.ඒ හැමදේම ඔහුට කියා හිත සැහැල්ලු කරගත් නිසා වන්නට ඇත.සිතුවිල්ලේම උන් මට සකුණි අක්කාට ඇමතුමක් ගන්නට සිහි වූයේ පාරත් ආවට පසුවයි.බෑගයට අත දමා මා දුරකතනය අතට ගත්තා පමණි.පාරේ අයිනට වන්නට නවතා තිබු ජීප් රියකින් ලහිළහියේ බැස ආ හැඩිදැඩි පිරිමින් කීප දෙනෙක් වේගයෙන් දුව විත් මා වට කර ගති.

                                         ______ මතුසම්භන්ධයි_____

59 comments:

  1. ගොඩක් දුක හිතෙන කතාවක් .

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් බලන්නකෝ ගිම් දිගටම

      Delete
  2. හ්ම්ම්...කලින් එක ඉවර උනේ ගල්කිස්ස කනත්තෙන්. මේක පටන් ගත්තේ බොරැල්ල කනත්තෙන්.යමුකෝ යමුකෝ දිගටම.මැරයොත් ඉන්නවා වගේ මේකේ නම්.

    ReplyDelete
    Replies
    1. හි හී ඔයා කිව්වමයි මටත් ඒක මතක් උනෙ.....හැබැයි මේක ඒකට වඩා වෙනස් හොදේ

      Delete
  3. මයෙ අම්මා..... මං ගියාට ආයෙ එනවා.... සත්තයි තනි කරන්නෙ නෑ ඔයාව....

    පටන් ගත්ත තැනදිම හිත හිරිවැටුනා කවියො... ඇත්තටම ඔයා දැන් පට්ට ලේඛිකාවක් වේලා.. කතාව ලියන විදිහ හරිම අපුරැයි.. එවගේම හිතට දැනෙන්න ලියනවා... එල

    දැන් ඉතිං ආයෙත් ඉස්සර වගේ ඊලග කොටස එනකං බලං ඉන්න එපැයි... එක තමයි එපාවෙන වැඩේ...

    ReplyDelete
    Replies
    1. ස්තූති පූ කලින් කතාවෙදි වගේම මේකෙදිත් මගේ අඩු පාඩු පෙන්නලා දෙන්න හොදේ.

      Delete
  4. ane kaviyo godak duka hithena kathawak

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම් නෑ නෑ සතුටත් දෙන්නම්කෝ

      Delete
  5. ම්ම්ම්...තව කොටසක් ඕනේ ඉක්මනට අක්කේ..

    ReplyDelete
  6. හම්... කෙටියෙන් කියන්නම් කවියෝ එල.. අන්තිම වෙනකං දැන ගන්න තියෙන ආසාව හින්ද වෙන මොකුත් නොකිය ඉන්නවා...
    ජයෙන් ජය!!!

    ReplyDelete
    Replies
    1. ස්තූති සහෝ.... දිගටම රැදිල ඉන්නකෝ

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මේ නව කථාවක්ද?

    මොකක් උනත් හරිම ලස්සන්නයි... ආසාවෙන් කියෙව්වා... ඉතුරු ටිකත් ඉක්මනට ඕනෙ හරිද.......... නැත්තම් යවනවා විශ්ව ගාවට

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඔව් නවකතාවක් තමා හරි හරි ඉක්මනට දෙන්නම්කෝ

      Delete
  9. මම මේ පැත්තේ ආවේ අදමයි.
    ලස්සන කතාවක්.. :)

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට ඔයාව සහෝදරී

      Delete
  10. දුකාආආආආආආආආආආආආආආආආආආආආආයි.... :( ඒත් ලස්සනයි!!! හැඟීම් එහෙම්ම ලියැවිලා... දිගටම ලියන්න අක්කි!! මං එනවා කියවන..:D

    ReplyDelete
    Replies
    1. හලියෝ..... මම දනන්වා ඔයා එනවා කියලා

      Delete
  11. ඒ මාර සීන් එකනේ කවී අක්කේ..
    ඊලගට මොකද වෙන්නේ??????

    ReplyDelete
  12. ලස්සනයි.. එත් දුකයි වගේ :(

    ReplyDelete
  13. හයියු ...

    ම්ම්ම්ම් හොදයි මුල්ම කොටස හිතට දැනුනා කාවයියෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතී ලක්ස් මලේ

      Delete
  14. අනේ අම්මේ...... :-)))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. දුක හිතෙන කතාවක් ඉවරවෙනකොට ත්‍රාසජනක එකක් උනානේ..?

    ReplyDelete
  16. ඇරඹුමම කදුළක් වෙලා....

    හ්ම්ම්ම්... බලමුකෝ...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ.. ඒත් අවසානෙවෙත් ලස්සන වෙයි නේ

      Delete
  17. ශා..........මාරු... මාර ලස්සනයි...ඉතිරි ටිකත් ඉක්මනටම ඕනේ.......

    ReplyDelete
  18. ඔයාගේ පොස්ට් එක නම් කිසි අපැහැදිලි කමක් නැතුව කියවන්න පුළුවන්..අනේ මන්ද අක්කෝ කතාවටනම් මොනා කියන්නද කියල මම තවමත් කල්පනා කරනවා..

    ReplyDelete
    Replies
    1. හි හී කල්පනා කරලා කියන්න්කෝ හොදේ

      Delete
  19. ඇත්තටම බ්ලොග් එක හරි ලස්සනයි
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූති මමත් මේ පැත්තේ ගියා

      Delete
  20. ඔන්න මම අද මේ පැත්තේ ආවේ අපේ හිරු නංගගේ පොස්ට් එක හරහා ලස්සන නිර්මාණයක්. ඉක්මනටම ඊළඟ කොටසත් දාන්නකෝ.

    ReplyDelete
    Replies
    1. සාදරෙන් ඔයාවත් පිලිගන්නවා මේ පැත්තට.

      Delete
  21. විශිෂ්ටයි කවි අක්කේ. උපරිමයි. හිතට දැනෙන, සුපිරි නිර්මාණයක්. ගොඩක් සංවේදී හැඟුම්බර තැන් හිතට දැනෙන විදිහට ලස්සනට ගලපලා. ඇත්තටම කවුද ඒ හැඩි දැඩි මිනිස්සු. විහාරගේ තාත්තගේ මිනිස්සුද, නැත්තම් විහාර ආදරේ කරපු කොල්ලගේ තාත්තගේ කට්ටියද. දැනගන්නකම් නොයිවසිල්ලෙන් !!!

    ReplyDelete
    Replies
    1. ඔවා දැන ගන්න ඉතින් ඉවසන්නම වෙනවා මල්ලියෝ

      Delete
  22. ඔබේ හැකියාව නම් විශිෂ්ඨයි.... තේමාව කුමක් වුවත් ඔබ ලියන දේ කියවන අයට දැනෙන්න ලියනවා... කෙටි කථා සංග්‍ර‍හයක් හෝ නවකථාවක් මුද්‍ර‍ණය කරන්නම ලිව්වොත් නරකද.... ඊළග කොටසත් ඉක්මනට දාන්න.... ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති ඔබේ දිරිගැන්වීමට, ඔව් හිතන් ඉන්නවා මොනා හරි දෙයක් කරන්න ම්ම්ම් ඉදිරියේදි බලමුකො

      Delete
  23. ම්ම්ම්... ලස්සනයි, ඉක්මනට ඉතිරි ටිකත් ලියන්න!

    ReplyDelete
    Replies
    1. හරියෝ ඉක්මනටම දෙන්නම්කෝ

      Delete
  24. මේ පැත්තෙ ආවමයි මේ. ලස්සන කතාවක්. දුක හිතෙනවා.

    ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න,,

    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තූතී මී පැටියාගේ පැමිණීමට

      Delete
  25. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.. කවියා ඇත්තමයි මේකනම් මාරම ලස්සන කතාවක් වගෙයි.ඒ වගේම කට්ටියව අඩවන කතාවක් නේද කොහොම උනත් ඉක්මනටම ඊලග කොටස් දෙන්ඩෝ..මෙන්න සුබපැතුම් ජයාග්‍රාහී අති සාර්ථක වෙන්න යන කවියගෙ දෙවනි නවකතාවට..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති නිශියෝ.... ඔයාලගේ දිරි ගැන්වීම් වල ප්‍රථිපල තමා මේ.

      Delete
  26. mekath adana kathawakda weida kawiyo..godak lassana kathawak wage.ikmanata ithiri kotas tika denna....magenuth unusum suba pathum kawi....

    ReplyDelete
    Replies
    1. ස්තූති ටූටියෝ.... ඉස්සර වගේ ඔයාව දකින්න නැති උනත් එක පාරටම කඩං පාත් වෙලා කොහොම හරි කතාව කියවනවා ඔයා

      Delete
  27. කතාවනම් ලස්සනයි බං නියමයි.. ඒත් පොඩි පරහක් තියෙනවා කලින් එකේ එකෙක් මලා අන්තිමට ඒ පාර මේක පටන් ගද්දිම එකෙක් මැරිලා... හරි කමක් නෑ

    උබට මම මේ අන්තිම පාරට කියන්නේ ආයේ එකෙක්වත් මැරෙන්න බෑ හරිය..!!!
    ඉක්මන් කොරලා ඉතිරි කොටස් ටික දීහන්

    ReplyDelete
    Replies
    1. හිකීස් හා හා මීට පස්සෙ කාවවත් මරන්නේ නෑ ඕං

      Delete
  28. ලියන විදිහට කියවන්න ආස හිතෙනවා. බොහෝ ලස්සනයි. කරුණු ගලපන එකතු කරන විදිහත් ඒ වගේ ගලාගෙන යන තාලයට ලියන ඒවට මං කැමැතියි.

    මේ පැත්තට එන්න හිතුනේ හිරුහිමාවිගේ සයිට් එකේ දාල තිබුන පොස්ට් එකකින් මග දැන ගෙන අද නම් චුට්ටයි කියෙව්වේ පස්සේ හීමීට ඇවිත් කියවලා මොනා හරි ලියන්නම් ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති පැමිණීමට ස්ස්දරෙන් පිළිඟන්නවා ඔයාව මෙහෙට

      Delete
  29. එල එල අක්කේ..දෙනුවන් අනුහස ඉවර වුනේ කනත්තෙන්..මේක පටන් ගන්නේ කනත්තෙන්..අනේ අම්මියෝ මේ පාර මෙකි අපිව කොහොම කරකලා අතාරින්න යනවද මන්දා..කියවන්න පරක්කු වුනාට සොරි හොදේ..ඊලග කොටස දාන්නකෝ ඉක්මනට..

    ReplyDelete
    Replies
    1. හෙට දානවා ......හලී.....

      Delete
  30. Adai awe me peththe. harima lassanai. digatama liyanna.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.