සඳට බැළුම් හෙලූ අය

Jan 20, 2012

දෝරෙ ගලන ආදරේ...........


මන්දාරම් අඳුර මැදින්
වැටෙන අනෝරා වැස්සේ
දැවටි දැවටි ළඟින් ළඟින්
අපි පා නගුවා........

මල් ඉහුරුණු කුඩ හෙවනේ
ඔය තරු ඇස් ළඟින් ළඟින්
මගෙ මුහුණට එබෙනා විට
උණුහුම දැනුනා...

හන්තානට වහින වස්ස
අනේ එපා නවතින්නට
ආදරයත් ඒ තරමට
දෝරය ගැළුවා....


2 comments:

  1. අක්කා ස්තූතියි මාවත් මතක් කරාට....අක්කා ලියන කවි ලස්සනයි...තවත් ඉදිරියට ලස්සන ලස්ස්සන කවි ඔයාගේ ඔය ඇට්ලස් චූටී පෑනෙන් ලියවේවා...උදව්වක් ඕනා උනොත් කියන්න අක්කා..ඕනම වෙලාවක ...අක්කාට සුභ පැතුම්

    ReplyDelete
  2. ඔයාටත් බොහොම ස්තුති මල්ලි මගෙ බ්ලොග් එක හැඩ වැඩ කරල දුන්නට.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...